ඉන්දියාව සිය ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සිය ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද(14) ආරම්භ කළේය.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

මේ සදහා ජපානය අමෙරිකා ඩොලර් බිලියන 17ක ණය මුදලක් ලබා දී තිබේ.

අහමදාබාද් සහ මුම්බායි නගර අතර අධිවේගී දුම්රිය සේවාව ක්‍රියාත්මක වේ. ඒ අනුව කිලෝ මීටර් 500ක දුම්රිය මාර්ගයක් ඉදිකෙරෙන අතර එමගින් මුම්බායි නගරයට යාමට ගතවන කාලය පැය තුනක් දක්වා අවම කිරීමට හැකි වන බව බලධාරීන් සඳහන් කරයි.

ඉන්දීය දුම්රිය සේවය දිනකට මගීන් මිලියන 22කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලැබේ.
එහෙත් බොහෝ දුම්රිය සහ යන්ත්‍ර, උපකරණ යල්පැන තිබීම හේතුවෙන් දුම්රිය අනතුරු සහ ප්‍රමාදවීම් නිරතුරුවම සිදුවේ.

2022 වසරේ සිට අධිවේගි දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතය. අධිවේගී දුම්රිය හදුන්වාදීම 2014 වසරේ අගමැති මෝදිගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවලින් එකක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *