වැසි බර කාලගුණය තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිත දිග කොටසේ සහ නැගෙනහිර පළාතේ ඉදිරි දින කිහිපයේ දී පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

වයඹ සහ උතුරු පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල තරමක තද වැසි බලාපොරොත්තු විය හැකිය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තරමක් තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *