වර්ජනයේ අපහසුතාව මගහැරීම ලංගම බස් 5,600ක්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය වර්ජනය නිසා මගීන්ට සිදුවන අපහසුතාව මඟහැරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 5,600ක් ධාවනයට එක් කර තිබේ.

දුම්රිය වාර් ප්‍රවේශ පත්‍රවලින් ලංගම බස් සේවාව ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව ද ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේය.

පෙරේදා (06) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වු දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය පිළිබදව විසදුම් ලබා දිමට විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වේ.

ඒ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. අද (08) පෙරවරු 10.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එය පැවැත්වෙනු ඇත.

මෙම සාකච්ඡාවකට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. මහනාම අබේවික්‍රම මහතා අතුළු අදාල නිළධාරින් පිරිසක් සහභාගීවන අතර වැඩ වර්ජිත දුම්රිය රියදුරු සංගමයේ (ලොකොමොටිව් ඉංජිනියරින් යූනියන්) නියෝජිතයන්ද සහභාගී වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *