රාජ්‍ය සේවකයන් ගෙන්වීම සීමා කරයි

(කොළඹ, ලංකාපුවත්) –තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයන් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය අද (27) සිට ආයතන ප්‍රධානීන්ට පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ චක්‍රලේඛය ද අද දිනයේ නිකුත් කිරීමට නියමිත බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.

ඒ අනුව සතියකට දින 02 ක් හෝ 03 ක් සේවකයන් ආයතනයන්ට ගෙන්වා ගැනීමට එම ආයතන ප්‍රධානීන්ට අවස්ථාව ලබාදීමටත්, නිවෙස්වල රැඳී සිටින අවස්ථාවන්හිදී තාක්ෂණ ක්‍රම උපයෝගි කරගනිමින් සේවා සැපයීමට සේවකයන් කටයුතු කළ යුතු බවත් චක්‍ර ලේඛය මගින් දන්වනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මීට පෙරදී ද පැවැති කොවිඩ් වයිරසය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම සීමා කර තිබිණි. එම වසංගත තත්ත්වය යම්තාක් දුරකට සමනය වීමෙන් පසු රාජ්‍ය අංශයේ සියලු සේවකයන් යළි සේවයට පැමිණියේ පසුගිය මාර්තු මස 08 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *