ජල ධාරිතාව පහළට – විදුලිය පරිස්සම් කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින අධික උෂ්ණ අධික කාලගුණ තත්වය නිසා ඒකක මිලියන 38ක්ව පැවති විදුලි දිවා ඉල්ලුම ඒකක මිලියන 45 දක්වා 18.4% කින් ඉහළට ගොස් ඇති බව විදුලිබල හා පුනනර්ජනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ජල විදුලිය නිෂ්පාදනය කිරීම සදහා තිබෙන ජල ධාරිතාවය 31.4% දක්වා පහතට බැස ඇති බවයි.

රාත්‍රී කාලයේදී මෙගාවොට් 2470ක ඉල්ලුමක් 10% ක වැඩිවීමක් සිදු වී තිබෙන අතර මැයි මස 02 දින සිට කර්මාන්තශාලාවල පවතින විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමට සිදු වන බව අමාත්‍යරයා පෙන්වා දෙයි.

නිෂ්පාදනය කරන ඒකකයක් සඳහා රු.36.00ක සුවිශේෂී ගෙවීමක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

මීතොටමුල්ල සම්ප්‍රේෂණ පද්ධතිය යතා තත්ත්වයට පත් කිරීම ලබන 06 වැනිදා අවසන් වන බව ද එම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *