පාර්ලිමේන්තුව අද 01.00ට රැස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට රැස්විමට නියමිතය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

මේ අතර කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විමක් ද අද 11.30 පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්විමට නියමිතව ඇත.

අද දිනයේ පාර්ලිමේන්තු න්‍යය පත්‍රයට ඇතුළත් කරන සෙසු යෝජනා සම්බන්ධයෙන් එම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරිමට නියමිත බව වාර්තා වේ.

එසේම අද දිනයේ ද මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා තැබෙන අතර මාධ්‍යවේදීන්ට පමණක් එය විවෘතව පවති. මීට අමතරව අද දිනයේ ද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කරන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *