උදයංග වීරතුංග රැගෙන ඒමට 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දිවයිනට රැගෙන ඒමට හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද(07) අබුඩාබි බලා පිටත්ව යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම කණ්ඩායමට විවිධ ආයතනවල නිලධාරීන් 07දෙනෙකු ඇතුලත් වේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙක්, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිලධාරියෙක් එම පිරිසට අයත්ය.

මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්සිදුවන ක්‍රියාවලියක්වන අතර මෙම නිලධාරීන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *