එජාප විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද(16) පැවැත්වීමට නියමිතව ඇත.

අද පස්වරු 05.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මන්ත්‍රී කණ්ඩායම් රැස්විම පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ(15) පවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *